ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය
By Kaushi
විදෙස් මාධ්‍ය මඟින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකිරීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව මෙම ඉදි කිරීම ප්‍රංශය විසින් සිදු කරන බවට සඳහන් වේ.
එසේම මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටස තෝර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පවසයි.
ඉදි කිරීමට සූදානම් වන මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියන් 500 දෙනෙකු රඳවා තැබීමට හැකි බව වාර්තා කරයි.
තව ද මෙය ඉදි කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා බව පවසයි.
ඒ අනුව 2028 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වී තිබෙනවා.