මහා දවාලේ මහවිලච්චියට පැන්න වල් අලි රංචුව.

By Madheeha_Naz May 16, 2023 04:50 AM GMT
Report

මහවිලච්චිය ප්‍රදේශයේ කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන්තාවයට පත්ව තිබෙනවා.

එසේම රාත්‍රී කාලයේ වන අලි රංචු පිටින් ගම් වැදීම සුලබ දර්ශනයක් වුව ද, දහවල් කාලයේ මෙලෙස වල් අලින් ගම් වැදීමට පටන් ගැනීම හේතුවෙන්, තම දරුවන්ගේ ආරක්ෂාව සදහා මව්පියන් පාසල අසළ ද රැස්ව තිබෙනවා .

මෙම වල් අලි රංචුව භව භෝග විනාශ කරමින් ගම් වැදුණු බවත්, එලෙස ගම් වදින වන අලි, මීට පෙර දහවල් කාලයේ දක්නට නොලැබුණු බවත්, දිගින් දිගටම දහවල් කාලයේත් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් කුලී වැඩක් කර ගැනීමට පවා නොහැකිව දරුවන් සමග නිරාහාරව නිවාස තුලම ජීවිතක්ෂයට පත්විය හැකි බව එම ගම්වාසීහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW