සහල් හිඟයක් හදලා බියර් සමාගම් එක්ක වසන්ත ගහපු ගේම මාට්ටු??
පසුගිය කාල සීමාවේ අස්වැන්න අඩුවීම වැනි හේතු කාරණා නිසා සහල් හිඟයක් ඇතිවුණා.මේ හේතුවෙන් වෙළඳපොලේ සහල් මිලදී ගැනීමට තිබූ අවස්ථා සීමිත වුණා. ඒ අනුව පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ වී අස්වැන්න අඩුවීම නිසා මෙම හේතුව සිදු වූබවත් දේශීය බියර් කර්මාන්තය නගා සිටවීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 180000ක් රටින් ආනයනය කළ යුතු බවත් ඔහුගේ මතය බවයි.
නමුත් සංජය මහවත්ත මහතා පෙන්වා දෙන පරිදි පාරිභෝගික පනතට අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් ලබාදීම තහනම්ය.එය සිදු නොකළ යුතු කටයුත්තක් බැවින් වසන්ත සමරසිංහ නීති කඩ කරලා මිනිසුන්ට කන්න තියෙන හාල් ටික බියර් නිෂ්පාදනයට යොදවන්න හදන්නේ කාගේ කීමටද කියලා ඔහු ප්‍රශ්න කලා තිබුණා. බියර් සමාගම් විසින් බියර් නිෂ්පාදනය කිරීම සදහා රටින් සහල් ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට වක්‍රාකාරයෙන් උදව් කරමින් සිටින බවත් සංජය මහවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.
ඒ සදහා බියර් සමාගම් අමාත්‍යවරයාගේ කටේ මොනවා එබුවේදැයි සොයා බැලිය යුතු බවත් ඒ මහතා අවසානයේ පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ජනතාව බලාපොරොත්තු වූ ආණ්ඩුවේ විනිවිධ භාවයෙන් යුතු ප්‍රතිපත්තියේ මේ වන විට විසිරී ගොස් ඇති බවටත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
