හිටපු ජනපති පොතක් ලියයි. - "ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය"
By Wayomi
2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් හෙට එළිදක්වන කෘතියකින් මෙම කරුණු හෙළි කරණ බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඔහු එමඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මේ රට නිදහස ලබා ගතවූ පළමු 60 වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට රට තුළ විදේශ මැදිහත්වීම් සහා අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදුවෙමින් පවතින බවයි.
