මෙරට පළමු අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාව. - පර්යේෂණ අත්හදාබැලීම් සාර්ථකයි.

Potato Sri Lanka Ministry of Agriculture
By Wayomi Jun 01, 2023 12:25 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට ප්‍රථම අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

රුපියල් මිලියන 100 ක වියදමින් ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන සහ බණ්ඩාරවෙල - කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධවයි.

2021 වසරේ දත්ත වලට අනුව මෙරට ආහාර සැකසුම් ආයතනය විසින් අර්තාපල් පෙති ආනයනය කරන අතර, 2021 වසරේදී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21 ක්.

නව අර්තාපල් පෙති කර්මාන්තශාලාවේ නිෂ්පාදන විදේශීය මෙන්ම, දේශීය වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂිතයි.

ඒ, අනුව දිනකට අර්තාපල් පෙති කිලෝග්‍රෑම් 1000 ක් සැකසීමේ හැකියාව ඇති මෙම කර්මාන්තශාලාවෙන් අර්තාපල් ගොවීන් 200 කගෙන් නිෂ්පාදන මිලදී ගනු ලබනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW