ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණය...

By Parami Dissanayake May 27, 2024 12:14 PM GMT
Report

අද (27) දිනයේ දී මෙරට ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව, ඔහුගේ අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද එසේත් නොමැති නම් දේහය ප්‍රංශයට ගෙන යන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටිය දී වැලිකඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගනු ලැබී ය.

කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ...

කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ...

මිය යනවිට ප්‍රංශ තානාපතිවරයා 53 හැවිරිදි වියේ පසු වූ එතුමා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

1970 වසරේ උපන් Jean Francois Pactet 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඔහු මීට පෙර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික හා අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි තනතුරු හොබවා ඇති බව සඳහන් ය.