පුංචි නොදරුවට පහරදුන් කුකුල් චමින්ද ඇතුළු පිරිස කොටුකරගත් මෙහෙයුමේ සම්පූර්ණ වීඩියෝව. - (VIDEO)
වයස අවුරුදු හතරක දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිඔය පොලීසිය හා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීම සිදුකළ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමැති පුද්ගලයා,දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු සහ මෙම අයට සැගවී සිටීමට ආධාර අනුබල ලබා දුන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගැනුනා.
අනතුරුව ඔවුන් පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර මෙහිදී පොලිසිය සිද්ධිය පිළිබඳව කරුණු දැක්වූ අතර දැරිය වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිමින් කරුණු දැක්වීමකින් අනතුරුව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා පදවිය සංචාරක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක නියෝගයක් ලබාදුන්නා.
ඒ, අනුව දැරිවිය පරිවාස භාරයට යොමු කරන ලෙසත්, සැකකරුවන් දෙදෙනා සහ සැකකාරියන් තිදෙනා මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙසත්ය.
එමෙන්ම අත්අඩංගුවට ගත් දැරියගේ මව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
අද උදෑසන මොවුන් අත්අඩංගුවට ගැනීම සිදු වූයේ මෙලෙසින්,