චීන පටස් හැපූ වෛද්‍යවරියගේ අලුත්ම තත්ත්වය

Report

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බවද පොලිසිය කියයි.

යුරෝපා සංගමයෙන් හදිසියේම ලංකාවට එන්නේ ඇයි? තවත් මගඩියක්ද?

යුරෝපා සංගමයෙන් හදිසියේම ලංකාවට එන්නේ ඇයි? තවත් මගඩියක්ද?

තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳ සලකින් චීන පටස් පහක් මිලදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතළ තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි. චීන පටස් එක මුඛය තුළම පුපුරා යෑමෙන් පසු මුහුණ, දත් සහ මුඛයට බරපතළ තුවාල සිදුව ඇති බවත් දත් කිහිපයකට හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.

අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු

අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු