කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයෙන් ඩයනාගේ රිය අනතුර යළි කරළියට.

By Hashini Sep 05, 2023 09:27 AM GMT
Report

ලෝක ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අල් ෆයිඩ් මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්.

අල් ෆයිඩ් යනු ඊජිප්තු ජාතික ව්‍යාපාරිකයෙක්.

ඔහු සිය උපන් ගම වන ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීදිවල විචිත්‍රවත් පාන වර්ග අලෙවියෙන් සාර්ථක වී ව්‍යාපාර ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් නමක් තැබූ පුද්ගලයෙක්.

මැදපෙරදිග කලාපය පදනම් කර ගනිමින් දේපල වෙළඳාම්, නාවික සහ ඉදිකිරීම් යන අංශ ඔස්සේ ව්‍යාපාර ආරම්භ කළ අල් ෆයිඩ් පසුව එම ව්‍යාපාර යුරෝපය දක්වා රැගෙන ආවා.

අල් ෆයිඩ් කියූ පමණින මෙම ව්‍යාපාරිකයාව නොදන්නා බොහෝ පිරිසක් ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් පැවසු පමණින් ඔවුන්ව හොඳින්ම හඳුනනවා.

ඊට හේතුව තමයි මොහොමඩ් අල් ෆයිඩ් කියන්නේ වේල්සයේ කුමරිය වන ඩයනා කුමරිය සමඟ මෝටර් රථ අනතුරකින් මිය ගිය ඩොඩි අල් ෆයිඩ්ගේ පියා.

තම පුත්‍රයාගේ සහ ඩයනා කුමරියගේ මරණය පිටුපස බ්‍රිතාන්‍ය රජ පවුල සිටින බවට ඔප්පු කිරීම සඳහා ඔහු අවුරුදු ගණනක් පුරා දැඩි සටනක නිරත වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු වරක් චෝදනා කර තිබුණේ ඩයනා කුමරිය මුස්ලිම් ජාතිකයෙකු සමග විවාහ වීම සහ ඩොඩීගේ දරුවා බිහි කිරීම වැළැක්වීම සඳහා රජ පවුල කුමන්ත්‍රණය කළ බවයි.

ඒ සම්බන්ධයෙන් අල් ෆයිඩ්, දෙවන එලිසබෙත් රැජිනගේ සැමියා වූ පිලිප් කුමරුට චෝදනා එල්ල කර තිබුණා.