මහනුවර ඇසළ මංගල්‍යයට දින නියම වෙයි.
Esala Full Moon Poya
Kandy
Sri Lanka
Festival
By Wayomi
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවයි.
ඒ, අනුව අගෝස්තු 17 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතයි.
අගෝස්තු මස 21 - සිට 25 වනදා දක්වා කුඹල් පෙරහර 26 සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇත.