අල්ලස් ගත් කොස්තාපල්ට වැඩ වැරදි...
Sri Lanka Police
Sri Lanka
Court of Appeal of Sri Lanka
By Parami Dissanayake
ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු කොස්තාපල්වරයෙක් වන අතර, අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියැදුරාට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙස ද නියම කළේ ය.
වසර අටක සිර දඬුවම වසර හතරකින් එකවර ගෙවී යන පරිදි නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ලක් ප්‍රකාරව දීර්ඝ නඩු විභාගයකින් පසුව ය.
