ගිනි අවිය දමා පලා ගිය කොස්තාපල්ගේ වැඩ තහනමකට...

By Parami Dissanayake Jul 11, 2024 03:38 PM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විගණන කටයුතුවල නිරතව සිටිය දී මරණ තර්ජනවලට ලක්ව සිටින විගණන නිලධාරියකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරි ගිනි අවිය දමා පලා ගොස් ඇති අතර, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාප්ල්වරයකුගේ වැඩ තහනමට ලක්ව ඇත.

ඒ හේතුවෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත ඔහුගේ වැඩ තහනම් කිරීමට ගම්පහ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 09 වැනිදා සවස 06යේ සිට පසුදින උදැසන 6 දක්වා අදාළ විගණන නිලධාරියාගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසේ ආරක්ෂාවට යොදවා තිබුණි.

මෙදින රාත්‍රි 9.30ට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු එම විගණන නිලධාරියාගේ නිවසට පැමිණ පරික්ෂා කිරීමේදී පොලිස් කොස්තාප්ල්වරයාට ලබා දී තිබු පිස්තෝල අවිය, උණ්ඩ 10ක් සහ රඳවනය එම නිවසේ ඉදිරිපස කාමරයේ පුටුවක් මත දමා පලා ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත.