ආසියානු තරගාවලියක ශ්‍රී ලංකාවේ බොක්සිං පදක්කම් සිහිනය හඹා යන ශුරයා. (PHOTOS)
වසර 48 කට පසු ආසියාතික ක්‍රීඩා තරගාවලියක බොක්සිං පදක්කම් සිහිනය සැබෑ කරන්න ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන සූදානම් වෙනවා.
ඔහු මෙවර පැවති 13 වැනි තායිපේ සිටි කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී තායිවානයේ බොක්සිං ක්‍රීඩක හුවාං ගුවාන්-කුන් පරාජය කරමින්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.
මෙවර 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දාක්වා චීනයේ ‘හන්ජෝ’ නගරයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, අනුව 2023 ආසියාතික ක්‍රීඩා තරගාවලියක බොක්සිං පදක්කම් සිහිනය වෙනුවෙන් සටන් කිරීමට නිරාජ් විජේවර්ධන මෙම මස 25 වෙනිදා චීනය බලා පිටත් වනු ඇති.
1950 දී නවදිල්ලියේ පැවති පළමු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට ශ්‍රී ලංකාව ඊට සහභාගි වී තිබෙනවා.
අවසන්වරට පැවති 2018 ජකර්තා ක්‍රීඩා උළෙල දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් හා රිදී පදක්කම් 11 බැගින් හා ලෝකඩ පදක්කම් 24ක් දිනාගෙන තිබෙනවා.
ඒ, මලල ක්‍රීඩා හා ක්‍රිකට් (විස්සයි-20) යන ක්‍රීඩා ඉසව් දෙකකින්,
ගොල්ෆ්, බොක්සිං, ටෙනිස්, සුළං ඔරු, පාපැදි හා කරාටේ යන ක්‍රීඩා ඉසව්වලින් සෙසු රිදී හා ලෝකඩ පදක්කම් හිමිකරගෙන තනි අතර,
1982 (නවදිල්ලි), 1986 (සෝල්), 2010 ගුයැංෂු, 2018 (ජකර්තා) යන ක්‍රීඩා උළෙල හතරකදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත්වී නොමැති අතර අවසන් ලෝකඩ පදක්කම 1978 එච් කල්දේරා විසින් දිනාගෙන ඇත.






