ප්‍රධානතම බැංකු 05කට මහ බැංකුව හදිසි තීරණයක් ගනී...එම 05 මෙතනින් දැනගන්න.

Report

මූල්‍ය පනත් කඩ කිරීම හේතුවෙන් ප්‍රධාන බැංකු පහකින් මිලියන 10.75ක දඩ මුදලක් අය කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව සහ එන්.ඩී.බී බැංකුව යන බැංකුවලට මෙලෙස දඩ නියම වී ඇති බවයි සඳහන් වන්නේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ නිවේදනයකට අනුව 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව යි මෙම මහ බැංකුව මඟින් මෙම දඩ නියම කර ඇත්තේ.

මූල්‍ය ආයතනයක් විසින් සිදු කරනු ලබන අක්‍රමිකතාවල ස්වභාවය හා බරපතළකම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව මෙම තීරණ ගෙන තිබෙනවා.

මම දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බව ද මහ බැංකුව වාර්තා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now