පාසල් සිසුවාට මරු කැඳවූ මෝටර් රථය
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ , මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙකි.
මෙම සිසුවා උපකාරක පන්තියක් සඳහා ගොස් ඊයේ සවස 5ට පමණ නිවසට පාපැදියෙන් පැමිණෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අදාළ සිසුවා ගමන් ගත් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් , සිසුවාගේ පාපැදියේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අසල තිබූ දුරකථන කණුවක ද ගැටී නතර වී තිබෙනවා.
එම අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.
රෝහල වෙත ඇතුළත් කරන විටත් සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර, අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත .
මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
අනතුර සිදුවන අයුරු ඇසින් දුටු පුද්ගලයෙක් පැවසුවේ, අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කරගත නොහැකිව සිසුවාගේ පාපැදියේ ගැටුණු බවයි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |