ආසියානු ක්‍රීඩා උළෙල අද නිල වශයෙන් ආරම්භ වෙයි.

Sri Lanka Cricket Sri Lanka China World Asian Games 2023
By Hashini Sep 23, 2023 03:00 AM GMT
Hashini

Hashini

Report

ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හංජෝ නුවරදී අද (23) නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.

19 වන වරට පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ලබන මස 08 වනදා අවසන් වනවා.

පසුගිය 19 වනදා සිට එහි කාන්තා ක්‍රිකට්,පාපන්දු,බීච් වොලිබෝල් සහ වොලිබෝල් යන තරඟ ඉසව් ආරම්භ කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (22) පැවති තරඟයකින් තායිලන්ත කාන්තා කණ්ඩායම පරදා කඩුළු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එම ජයග්‍රහණයත් සමඟම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමද විශේෂත්වයකි.

එහි අවසන් පූර්ව වටයේ තරඟ හෙට (24) ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟ පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරඟය ලබන සඳුදා පැවැත්වෙනු ඇති.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් 40ක් යටතේ තරඟ වදිනු ඇති.

ක්‍රීඩා ඉසව් 21 සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන අතර ඒ සඳහා මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනෙකු පිටව ගොස් තිබෙනවා. 

ReeCha