ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO)

Report

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මියගිය ධිවරයින්ගෙ දේහයන් අද (03) පෙරවරුවේ තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබීය.

ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO) | The 5 Dead Fishermen

ඒ අනුව ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව එම මෘත ශරීර තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.

ජූනි 04 වෙනිදා ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් තිබූ අතර, තංගල්ල ධීවරය වරායට නාවික සැතපුම් 400ක් පමණ දුරින් ධීවර කටයුතුවල නිරත වීය.

අනිද්දා ලංකාවෙම පාසල් වැසෙයි?. කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

අනිද්දා ලංකාවෙම පාසල් වැසෙයි?. කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.


ඒ අතරතුර මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත් පැන් යැයි සිතා එහි සිටි ධීවරයින් පානය කර තිබෙනවා.

අනතුරුව යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනා දැඩි ලෙස රෝගාතුර වූ අතර ධීවරයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය 29 වැනිදා ය.

එහිදී එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකුද ජීවිතක්ෂයට පත් විය.

දිවි බේරාගත් ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය සඳුදා ය.

යාත්‍රාවේ දී මියගිය ධීවරයින් පස් දෙනාගෙ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබු අතර එම ස්ථානයට පැමිණි තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා භූතාවත්ත මහත්මිය ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කළේ ය.

ඒ අනුව බහුදින ධීවර යාත්‍රාවේ අධිශීතකරය සහිත ටැංකියක තැන්පත් කර තිබූ මෘත ශරීර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩ බිමට රැගෙන එනු ලැබීය.

මත්පැන් බෝතල් වලට වුණ දෙයක්?. තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

මත්පැන් බෝතල් වලට වුණ දෙයක්?. තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..


පසුව මියගිය ධීවරයින්ගේ ඥාතීන් විසින් එම සිරුරු හඳුනා ගනු ලැබීය.

කෙසේ වෙතත්, අනතුරුව මෘත ශරීර තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය තංගල්ල මූලස්ථාන පොලිසියට නියෝග කළේ ය.

මේ අතර, මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඔවුන් අවසන් වරට ගත් ඡායාරූපයක් සංසරණය වේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනෙක්ගේ කතා බහට ලක්ව තිබෙනවා.

එම ඡායාරූපය පහතින් දැක් වේ,

ඡායාරූපය අන්තර්ජාලයෙනී

Gallery