මොකා දින්නත් කරන්න දෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..ජනාධිපති අපේක්ෂකයෙක්ගේ වේදිකාවෙන් ඇසුණ දේ(VIDEO)
මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී අසන්නට ලැබෙනවා.
ඒ අනුව ඉදිරි වසර දහයක ඇතුළත ඔවුන් බලය ලබාගන්නා බවයි, එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර මහතා මෙම ප්‍රකාශය කරමින් කියා සිටියේ.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුව පවත්වා ඇත්තේ, මුනුවන්ගොඩ ප්‍රදේශයේදීයි.

හෙට සිට පාසල් වසා දැමීමක් ගැන කියපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න..දිවයින පුරා වැසෙන අනෙකුත් පාසල් ගැනත් සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න..
මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
“මුංව ඉවර කරන්න ඔනේ.මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නැහැ. අපි මේක කරන්න දෙන්නේ නැහැ. මම කියනවා ඉදිරි අවුරුදු දහය ඇතුළේ අපි බලය ගන්නවා .
අපි මේක ඉවරකරනවා. වසන්ත , බෝපේ, ශ්වස්තිකා , ලහිරු , දේශපාලනයේ ඉනවා. ඉදිරි අවුරුදු දහයේ අපි ගිනි තියනවා. තොපිව ඉවර කරනවා”
සමාජ මාධ්‍යයේ සැරිසරන මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න?