ජනපති රනිල්ගේ නායකත්වයෙන් විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක්...

Report

අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය පවසා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළින් විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක් බිහි කිරීමට හැකිව තිබෙන බව ය.

ජනපති රනිල්ගේ නායකත්වයෙන් විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක්... | Tharaka Balasooriya Announsment

එමෙන් ම, එතුමා වැඩිදුරටත් පැවසුයේ පසුගිය සති කිහිපය පුරාවට පැමිණි බලවත් රටවල රාජ්‍ය නායකයින්, විදේශ රාජ්‍ය නියෝජිතවරුන් පැමිණීම සහ ඔවුන් මෙරටේ ඉදිරි අනාගතය පිළිබඳව සාධනීය ලෙස තැබිය හැකි ඉදිරි පියවරයන්ට අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව ය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඉරානයේ ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ උමා දිය ජනනී බහුකාර්ය ජල ව්‍යාපෘතිය ආරම්භ වීම ශ්‍රී ලංකාවට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලැබීමට ද නියමිතව ඇති බව ද ඔහු එහිදී පැවසී ය.

එමෙන්ම, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මියගේ පැමිණීමත් සමඟ ඇය සමඟ වඩාත් ඵලදායක සාකච්ඡාවට කිහිපයක් ජනාධිපති සහ අගමැති අතර පැවතුණු බවත්, එහි දී මෙරට ආර්ථිකය යථාතත්වයට ගැනීමත්,කලාපීය වශයෙන් සිදු වන අභියෝග කෙරෙහි රජය ක්‍රියාත්මක වන ආකාරය පිළබඳවත්, විවිධ ජන කොට්ඨාස අතර සංහිදියාව ඇති කිරීමත් පිලිබඳ විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

එබැවින් අමාත්‍යවරයා පවසා සිටියේ, වර්තමාන රජය ඉතාම සුහදව වෙනත් රටවල් සමඟ කටයුතු කරන බවත්, එමඟින් මෙරට ආර්ථිකයේ ඉදිරි කටයුතු කෙරහි සාධනීය පියවර රැසක් තැබීමට හැකියාව ඇති බවයි.