ජනපති රනිල්ගෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්තුතිය...

Report

අද (13) පස්වරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවයි.

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 වනදා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත් එතුමා පැවසී ය.

තවත් පක්ෂ 27ක සහයත් සජිත්ට...

තවත් පක්ෂ 27ක සහයත් සජිත්ට...

නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද, මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ද වගකීම බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේ ය.

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැනට පවතින පොලිස්, හමුදා සහ සිවිල් ආයතන සියල්ල එකට එක් කර මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ එක් ආයතනයක් ස්ථාපිත කර ඊට අදාළ බලතල පැවරීමට කටයුතු කරන බව ද එතුමා සඳහන් කළේ ය. එමෙන් ම, ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර සිටියේ, නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන මෙරට පාතාල ක්‍රියාවන් මැඩලීම වෙනුවෙන්ද නව නීති හඳුන්වාදෙන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනතාවට නීතිය හා සාමය තහවුරු වූ රටක ජීවත්වීමට ඉඩ සලසා දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බවද පෙන්වාදුන්නේ ය.