ජනපතිගෙන් සියලු ම පක්ෂ වලට ස්තුතිය...

Report

අද (26) රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් කොටු...

විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් කොටු...

මෙහි දී, ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ජනාධිපතිවරයා ආරාධනා කර සිටියේ ය.

එමෙන් ම, අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.