සිසුන් පිරිසකගේ දූෂණයට ලක්ව අසාධාරණයට ලක් වූ තණමල්විල දැරියට ආ නාඳුනන ඇමතුම.

Report

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරිවරයා බව පවසමින් කිසියම් පුද්ගලයෙකු එම සිසුවියට දුරකථන ඇමතුමක් දී ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සහ දරා තිබෙනවා.

ඇගේ දෙමාපියන් කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට තවත් පාසල් සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ ඔවුන්ති ස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පාසල් සිසුන් සංඛ්‍යාව 22ක්.

ඉන් 15 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති අතර, තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ තවත් සිසුන් තුන්දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මේ වන විට යොමුකර තිබෙනවා.