තායිලන්තයේ පාසලක හද කම්පා කළ වෙඩි තැබීමෙන් පසු ගිනිඅවි නීති දැඩි කරයි - පොදු ස්ථානවල ගිනිඅවි රැගෙන යාමට සීමා

Report

තායිලන්තයේ ගිනිඅවි භාවිතය හා රැගෙන යාම සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. බැංකොක්හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් අනතුරුව මෙම පියවර කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පොදු ස්ථානවලට ගිනිඅවි රැගෙන යාම සීමා කිරීමටත්, ගිනිඅවි භාවිත කිරීම සඳහා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට පමණක් අවසර ලබාදෙන ආකාරයට නීති සංශෝධනය කිරීමටත් අවධානය යොමුව ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

බැංකොක්හි පාසලක ඊයේ (07) සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණි.

තායිලන්ත පාසලක වෙඩි තැබීමක් - ගුරුවරියක් ජීවිතක්ෂයට - 15 ට තුවාල වෙද්දි වහාම සිසුන් ඉවතට

තායිලන්ත පාසලක වෙඩි තැබීමක් - ගුරුවරියක් ජීවිතක්ෂයට - 15 ට තුවාල වෙද්දි වහාම සිසුන් ඉවතට

වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකු බවට අනාවරණය වී තිබේ. තායිලන්ත පොලිසිය සඳහන් කර ඇත්තේ වෙඩි තැබීමෙන් අනතුරුව අදාළ සිසුවා ද එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ සිය මිත්තනිය සහ සීයා සමඟ ජීවත් වූ මෙම සිසුවා පාසලට පැමිණීමට පෙර ඔවුන් දෙදෙනාට ද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ තායිලන්තයේ ගිනිඅවි පාලනය සහ පොදු ස්ථානවල ගිනිඅවි රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීම පිළිබඳව රජයේ අවධානය තවදුරටත් යොමුව ඇත.

ජෙරුසලම ආසන්නයේ කලන්ඩියා සරණාගත කඳවුරේ හමුදා මෙහෙයුමක් - පලස්තීනුවන් 51ක් තුවාල ලබයි

ජෙරුසලම ආසන්නයේ කලන්ඩියා සරණාගත කඳවුරේ හමුදා මෙහෙයුමක් - පලස්තීනුවන් 51ක් තුවාල ලබයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...