''බැංකොක් සිට පැමිණි තායි ජාතිකයන්ගේ මලුවලින් මත්ද්‍රව්‍ය තොගයක් මතුවෙයි'' - කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයේ සුලමුල මෙන්න

Report

රුපියල් පන්කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වටිනාකමකින් යුත් ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකි. සැකකරුවන් දෙදෙනා තායිලන්තයේ මස් වෙළෙඳසැලක මස් කපන්නන් ලෙස සේවය කරන බවට අනාවරණය වී ඇත.

ඔවුන් අද (08) අලුයම 12.00ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන්කර ඇති ‘හරිත මාවත’ ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් ඔවුන් පරීක්ෂා කර තිබේ.

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

එහිදී සැකකරුවන්ගේ ගමන් මලු දෙකක තිබූ විටමින් අඩංගු බඳුන් 16ක් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

මීට අමතරව, පිටතින් ‘මිදි තලපයක්’ ලෙස පෙනෙන ආකාරයට පොලිතින්වල ඔතා තිබූ ග්‍රෑම් 641ක ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක්ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

මීට සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට එයි

මීට සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට එයි