කාශ්මීර ත්‍රස්තවාදීන් ලංකාවට ? කටුනායක උණුසුම් වෙයි
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මෙරටට පැමිණි බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබේ තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බව පොලීසිය සඳහන් කළා.
ආරක්ෂක අංශ වෙත මෙම බුද්ධි තොරතුර ලැබී ඇත්තේ ඉන්දියාවෙන් බවට වාර්තා විය.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම පොලීසිය, ගුවන් හමුදාව, ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.