බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්..!
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අතර පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කර තිබුණි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ, එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
යතුරුපැදියකින් පැමිණෙන අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.