ශ්‍රී ලන්කන් කොටස් ලබා දීමට ටෙන්ඩර් කැඳවයි.
By Hashini
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් ලබා දීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර අවසන් කර තිබෙන බව සඳහන්.
අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ද ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවයි.