දියවඩන නිලමේ නිලංග දෑල මහතා දළදා මාලිගාවේ දේපල අවභාවිතා කළ බවට නඩුවක්

Report

අභියාචනාධිකරණය විසින් ලබන 29 වැනිදා දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් එම ආයතනයට අයත් දේපළ අයථා ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත මහතා ගොනු කළ රිට් ආඥා පෙත්සම සලකා බැලීමට තීරණය කර ඇත.

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නිලංග දෑල මහතාට අවස්ථාව ලබාදෙමින් පෙත්සම සලකා බැලීම කල් තැබීමට නියෝග කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා මහතා සමඟ නීතිඥවරුන් වන ශාන්ත පෙරේරා, ඉෂාර ගුණවර්ධන, හර්ෂණි අබේසේකර සහ සදරුවන් සේනානායක යන අය පෙනී සිටි අතර විහාර හා දේවාල ගම් පනතට අනුව ශ්‍රී දළදා මාලිගාවට අයිති පරම්පරාගත දේපළ පැවරීම, බදු දීම හෝ වෙනත් අයට හිමිකර දීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

සභාපතිතුමෝ මම හරක් මරන්නේ නෑ- තමන්ව මරන්න යන එක ලසන්ත කලින්ම දැනගෙන ඉදලා

සභාපතිතුමෝ මම හරක් මරන්නේ නෑ- තමන්ව මරන්න යන එක ලසන්ත කලින්ම දැනගෙන ඉදලා

නමුත් වත්මන් වැඩබලන දියවඩන නිලමේ වන නිලංග දෑල මහතා පසුගිය කාලය තුළදී මාලිගාවේ දේපළ අවභාවිත කර ඇති බවත්, එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.