දුරකතන පැකේජවල මිල ගණන් ඉහළ දමයි..පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්වෙයි.

Airtel Dialog Smart Phones Mobile Phones
By Aruna Jan 12, 2025 08:28 AM GMT
Aruna

Aruna

Report

ඕනෑම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි දිනකට ගිගාබයිට් එක බැගින් මසකට ගිගාබයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී තිබූ දුරකතන පැකේජවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නගන බවට බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා.

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බවයි එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා ඇත්තේ.

ආනයනික අලුත් වාහන වලට 60%ක බද්දක්..ආණ්ඩුව ගත්ත විශේෂ තීරණය එක්ක වාහන මිලට සිදු වන දේ මෙන්න.

ආනයනික අලුත් වාහන වලට 60%ක බද්දක්..ආණ්ඩුව ගත්ත විශේෂ තීරණය එක්ක වාහන මිලට සිදු වන දේ මෙන්න.


ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් වන බවය.

මෙම නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එක්තරා දුරකතන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගිගාබයිට් 30 පැකේජය ගිගාබයිට් 12 දක්වා අඩුකර ඇති බවටයි.

දුරකතන සමාගම ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය සැප්තැම්බර් මස 01 වැනිදා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවයි.

තවද පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බව, මේ සම්බන්ධයෙන් තවත් සමාගමකින් විමසීමක් කළ විට එම සමාගම සඳහන් කර ඇත.

මෑතකදී දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවය.

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!


ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රතිලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන්නේ යැයි ඔහු අවධාරණය කරයි.

අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු සංශෝධනයකට යෑමට හැකි බවද සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බවයි.

මේ අනුව, ඩේටා පැකේජ හරහා පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරීම් සිදුවන බව, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දී ඇත.

You May Like This Video


ReeCha