ත්‍රීරෝද රථ රියදුරු මරා දමා රිය පැහැරගත් සැකකරු කොටු

Report

පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය - රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙකු වේ .

පොලිසිය වෙත ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද ඇමතුමක් මත පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය 21 වැනි දින සිය ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බව අනාවරණය විය.

     තවද රාත්‍රි 9.30ට පමණ සිය නිවසට පැමිණ ඇති මෙම සැකකරු සමග මරණකරු අදාළ කුලී ගමන පිටත්ව ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි .

මෙම ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් සැකකරු විසින් පහරදී රියදුරු ඝාතනය කර ඇති අතර පසුව ඔහුව දමා ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් තිබේ.

  ඉන් පසුව පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් ආසන්නයේ සැකකරු විසින් ත්‍රීරෝද රථය අත්හැර දමා ගොස් ඇති අතර පොලීසිය විසින් රථය පොලිස් භාරයට ගෙන ඇත.

  මෙම සිදුවීම පිළිබද සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධව සැකකරු පොලීසිය විසින් ඔහුගේ නිවසේ සිටියදී ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

පොලිසිය සදහන් කළේ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු අතර මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බවයි.

  මෙම සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ

දරුණු හිම කුණාටු තත්ත්වයක්, නගරයක්ම වහලා මෙන්න විස්තරේ