සිහින පරිපූරකයන් වූ ගුරුන්..

Report
Courtesy: Deli

පරපුරක සිහින යාත්‍රා
තොටුපලට යවා හරවා
මව් සෙනෙහෙන් පිය සෙනෙහෙන්
ලොව කියාදුන් ගුරුපාද පියුම් සුවදයි 

ජීවිතය දිනන්නට මග නොමග කියාදෙමින් දරුවන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට දරුවන්ට දෙමව්පියන් සේ සෙනෙහස පාන්නේ ආදරණීය ගුරුවරුයි.දරුවන්ගේ දියුණුව දැක හදවතින්ම ආශීර්වාද කර සෙත් පතයි. දරුවන් දකින සිහින සිහිනයක්ම නොවී දිනන්නට මග කියාදෙන්නේ මේ ආදරණීය ගුරුමව්පියවරුයි. නිරතුරුව දරුවන්ට මහත් සේ ආදරෙන් පෙර පාසලේ අ ආයනු කියාදෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා,විශ්ව විද්‍යාලයෙදීත් මේ සියළු අවදීන් වල දරුවන්ට අධ්‍යාපනයේ හිනිපෙත්තටම යන්නට මග කියාදෙන්නේ ආදරණීය ගුරුවරුන්‍ ය. එවගේම ජීවිතය අධ්‍යාපනය වගේම සාරධර්මවලින් පෝෂණය කරන්නට ඔවුන් ගන්නේ අසීමිත වෙහෙසකි.

රටට දැයට ඉංජිනේරුවන් ,වෛද්‍යවරුන් ,ගුරුවරුන් පවා බිහිකරන්නේ ගුරුවරයන්‍ ය. දෙමාපිය සෙනෙහසින් කරුණාව මුසුකොට දෙන මෙ දෙවනි මව්පියවරුන් පුද්ගල ජීවිතයේ අමරණීය සදා මතකයකි.

සිහින පරිපූරකයන් වූ ගුරුන්.. | Teachers Who Shape Future Dreams

බුදුරජාණන් වහන්සේ පවා සිගාලෝවාද සූත්‍රයේ දේශනා කළේ "ආචරියා දක්ඛිණා දිසා " යනුවෙනි. දකුණු දිශාවෙන් ගුරුවරුන්‍ හදුන්වා දී යුතුකම් ඉටුකළ යුතු බව දක්වා තිබෙයි.ඉතිං ගුරු දිනයේ දී පමණක් නොව සෑම දිනකම ඔවුන් අපේ මතකයේ රැදේවි . අපි පුළුවන් තරමින් යුතුකම් ඉටු කරන්නෙමු...

අපට විටක මවක්,මිතුරියක් ,සහෝදරියක් ලෙසින් ළගම හිදිමින් මග නොමග කියාදෙන්නේ ගුරුවරුන්‍ ය.

මේ ගුරු භූමිකාව රැකියාවකට ඒහා ගියා වූ උත්තරීතර චරිතයකි.

ඉතිං එක් දිනයක් විතරක් මොටද නුඹලා වෙනුවෙන්.

මග හසර නොදත්
මංමුලා වූ දිවි ගමනට
මග නොමග පෙන්වමින්
ජීවිතාලෝකය දෙන
පහන්සිල වූයේ 

ඔබයි ගුරු මව්නි පියාණෙනි 

සුවහසක් දරු දැරියන්ගේ
දිවිමග සරුකරණා එපිණෙන්
දීඝායු ලැබ අපට වඩා,
සුවහසක් කල් ඔබ ජීවත් වේවා