1 සහ 6 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අර්බුදයක? ගුරු පුහුණුවීම් තවමත් මන්දගාමී බවට ජෝසප් ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මෙතෙක් නිසි සූදානමක් රජයට නොමැති බව ලංකා ගුරු සංගමය සදහන් කර තිබේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවන ගුරු පුහුණුවීම් කටයුතු ද මෙතෙක් අවසන් කර නොමැති බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පෙන්වා දී තිබේ.

  ලබන වසරේ සිට පළමු ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත නමුත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව ජෝසප් ස්ටාලිං මහතා පෙන්වා දී ඇත.

''බලයට ආපු දවසේ ඉඳන් ආණ්ඩුවට ජනතාව එපා වෙලා" නාමල්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

''බලයට ආපු දවසේ ඉඳන් ආණ්ඩුවට ජනතාව එපා වෙලා" නාමල්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

ඔහු තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්

"මේ කියන ප්‍රතිසංස්කරණ ලබන අවුරුද්දේ ගෙනාවට, 1 වසර සහ 6 වසර ලබන අවුරුද්දේ ප්‍රතිසංස්කරණ කොහොමටත් එන්නේ.නමුත් තවමත් ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම මන්දගාමීව සිදුවෙන්නේ. මේ ප්‍රතිසංස්කරණ පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ක්‍රියාත්මක නොකර අතෑරුණු ප්‍රතිසංස්කරණවල දිගුවක් මේ තියෙන්නේ. ඒ වගේම අපි දැක්කේ නෑ පහුගිය දවස්වල ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිසමට සඳහන් කරලා තිබ්බා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂයෙන්ම ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා. අපි දන්නෑ ජාතික අධ්‍යාපන කොමිසම තවම මේක හදලා ඉවරද කියලා. තවමත් ඒක ජනතාව අතරට ඇවිල්ලත් නෑ. කතා කරලත් නෑ.කිසිම සැලැස්මක් නැතිව පහුගිය ආණ්ඩු ගෙනාපු ප්‍රතිසංස්කරණ තමයි මේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ සඳහා තියෙන සුදානමවත් තවම පේන්න නෑ. මේක විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ. පවතින අධ්‍යාපනය තුළ ප්‍රායෝගික අර්බුද ගණනාවක් තියෙද්දි ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන ප්‍රතිසංස්කරණනම් ගේන්නේ ඒක පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි"