ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සහ උසස් පෙළ විභාග රාජකාරීවල නිරතවන ගුරුවරුන් වෙනුවෙන් ගුරු සංගමයෙන් ඉල්ලීමක්

Report

ලංකා ගුරු සංගමය සඳහන් කරන්නේ කෑගල්ල ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ අධ්‍යාපන අනාගතයට වැදගත් විභාගයක් බැවින්, මෙවැනි සිදුවීම් නිසා දරුවන්ට සිදුවන අසාධාරණය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

එසේම මෙවර උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට ලබාදෙන දීමනා ප්‍රමාණවත් නොවන බව ද ලංකා ගුරු සංගමය පවසයි.

එබැවින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ උසස් පෙළ විභාග රාජකාරීවල නිරතවන ගුරුවරුන්ට ඔවුන්ගේ වගකීම් හා වත්මන් වියදම් සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි. 

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් ප්‍රකාශයක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්