ශ්‍රී ලංකා ගුරු සංගමයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට දෙහි කපයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි සැලැස්මකින් තොර බව චෝදනා

Report

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදු නිසි සැලැස්මකින් තොරව අත්තනෝමතික ලෙස සිදු කරන බවට ශ්‍රී ලංකා ගුරු සංගමයේ මහලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කර තිබේ.

අධ්‍යාපන ක්‍රමයේ වත්මන් අර්බුදවලට නිසි විසඳුමක් ලබා දිය හැකි දූරදර්ශී ප්‍රතිසංස්කරණයක් සිසුන්ගේ අනාගත සුභසාධනය සඳහා අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

මාරාන්තික රෝගයක් එන්න එන්නම ව්‍යාප්ත වෙයි - රෝගීන් 53,159ක් වාර්තා වෙයි

මාරාන්තික රෝගයක් එන්න එන්නම ව්‍යාප්ත වෙයි - රෝගීන් 53,159ක් වාර්තා වෙයි

ඊයේ (2026.6.28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද පැවසීය, "වර්තමානයේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂ කමිටු 5ක් පත් කර ඇති අතර යෝජනා අඛණ්ඩව ලැබෙමින් පවතී.

ජනාධිපති ලේකම්වරයාගේ සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිල මාධ්‍ය වාර්තාවේ, රටේ පාසල් 6500ක අවශ්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව කියනු ලැබේ. මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි.

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්

රටේ මුළු පාසල් 10100න් අවම වශයෙන් පාසල් 500කටවත් මෙම පහසුකම් සැබවින්ම සම්පූර්ණ කර තිබේද යන ප්‍රශ්නය තිබේ. සිසුන්ගේ අනාගත සුභසාධනය සලකා බැලීමේදී, රජය දූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය.