පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් මියයයි..
By Aruna
පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් යාපනය ශීක්ෂණ රෝහලේදී අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
යාපනය පලාලී උතුර කණිෂ්ඨ විද්‍යාලයේ සේවය කළ කලෙයිවානී සිවාන්නදන් නැමති අවුරුදු 49 ක මෙම ගුරුවරිය එක්වරම බිම ඇද වැටීමත් සමගම පාසලේ විදුහල්පතිවරයා ඇතුලු පිරිස ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වාර්තා වුණේ.

ප්‍රධාන පක්ෂයක් ඡන්දය වර්ජනය කරන්නැයි විශාල පත්‍රිකා ප්‍රමාණයක් බෙදා හරී..උතුර දකුණ හොල්ලන කුමන්ත්‍රණයක්.
රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර ඇයගේ මොළයේ රුධිරය කැටි ගැසීමක් සිදුව අති බවයි, වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ.
ඒ හේතුවෙන් ගුරුවරිය මියගොස් ඇති බව බව දැනට ප්‍රකාශ වී ඇතත් මරණයට නිසි හේතුව සොයා ගැනීම පිණිස යාපනය ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යනු ලබයි.