ත්‍රස්ත බිය නිසා සුප්‍රසිද්ධ ගායිකාවගේ ප්‍රසංගය වහාම අවලංගු කෙරේ..!
By Sewvandhi
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම හඳුනා ගැනීම හේතුවෙන්, ටේලර් ස්විෆ්ට්ගේ ඊරාස් ප්‍රසංග මාලාවට සමගාමීව ඔස්ට්‍රියාවේ වියානා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග තුනම අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රසංග ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කිරීමට සැකපිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවයි.