සියයට 15 බදු ප්‍රතිශතය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
මෙරට සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතු බවත් ඊට පුද්ගලයින් මෙන්ම සමාගම්ද අදාළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ හේතුවෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පමණක් බදු පැනවූ බවට ලඝු කර ගැනීම ගැටළු සහගත බවය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඩිජිටල් ක්ෂේත්‍රය සම්බන්ධව සැලකීමට භාජනය කිරීමෙන් මෙම 15%ක ප්‍රතිශතය යෙදූ බවත් මෙම බදු ප්‍රතිශතය කිසිවිටක් අසාධාරණ ලෙස පනවා නොමැති බවය.
“මේ සේවා අපනයනය කරන කෙනාට විශේෂ වාසියක් ලැබෙනවා. එයාගේ ලක්ෂ 5න් පළවෙනි 150,000 බද්දෙන් නිදහස් වෙනවා. දෙවැනි රුපියල් 83,000ට 6%යි ඉතුරු සේරටම වදින්නේ 15%යි. එතකොට එයාට විශේෂ වාසියක් එතැනදි ලැබෙනවා.
මේ වාසිය ලබා ගැනීමට එයා ඔප්පු කරන්න ඕනේ ස්ව්‍යංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් ඒවා සේවා අපනයනය කරලා උපයා ගත්ත එකක් කියලා. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කියුවේ.
මේකට මුවා වෙලා සමහරු බදු ගෙවිය යුතු අය නොගෙවනවාද කියන එක වෙනම කාරණයක් එහෙම නැතිව මේක අසාධාරණ විදිහට බද්දක් පනවලා නෑ.”
