2025 අප්‍රේල් සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ට 15% බද්දක්– ඩිජිටල් ආර්ථිකයට අභියෝගයක්?
අප්‍රේල් පළමුවැනිදායින් පසුව මෙරට සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ගෙන් 15%ක අපනයන සේවා බද්දක් අය කිරීමේ තීරණය තුළින් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණවීමේ අවදානමක් මතු වී ඇති බව කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සඳහන් කරයි.
පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව 2025 අප්‍රේල් පළමුවැනිදායින් පසුව මෙරට සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ගෙන් 15%ක සේවා බද්දක් අය කිරීමට නියමිත බවත්, මෙම බදු අය කිරීම තුළින් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් රට හැර යාමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බැංකු පොලී අනුපාත පහත හෙලීම සහ ස්ථාවර තැන්පතු සඳහා වූ රඳවාගැනීමේ බද්ද වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ සාමූහිකය ප්‍රකාශ කර සිටියි.
