ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි...

By Parami Dissanayake Jul 02, 2024 05:14 PM GMT
Report

 ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන් මොහොත තෙක් සුදුසුකම් ලබා ගැනීමේ තරගවල නියැලීමට සිදුවුණි.

නීතියෙන් එහා යන්න පොලිසියටත් බැහැ...

නීතියෙන් එහා යන්න පොලිසියටත් බැහැ...

ඒ ජාතික මහ ක්‍රිඩා උළෙලේ ඇය සහභාගිවූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීම නිසා ඇයට හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙනි.

කෙසේවෙතත් මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂි ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

එමෙන්ම, දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වේ.

එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණයි.