ත්‍රිකුණාමලය මුහුදේ පාවෙමින් තිබියදී අබිරහස් යානයක් සොයා ගැනේ..
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබේ. ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී ඇත.
.මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ අදාළ ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණුවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන ඩ්‍රොන යානා විශේෂයක් බවයි.
ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට මෙවැනි ටාගට් ඩ්‍රෝන යානයක් මෙරටට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
කිලෝ 40ක් පමණ බරකින් යුත් මෙවැනි යානා ඉන්දියානු ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බව එවර සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙවැනි වර්ගයේ යානයක් මීට පෙර 2020 වසරේදී හමු වූ බවත් හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මෙවර සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ කණ්ඩායමකන් පත්කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවත්ය.
You may like this video