අපි දෙමළ ජනසංහාරයක් කළේ නැහැ - කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය (PHOTO)

Eelam People's Democratic Party Vijitha Herath LTTE Leader Canada Sinhala news
By Ashfa May 14, 2025 11:07 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා රජය, කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර ඉදිකරන ලද දෙමළ ජනසංහාර ස්මාරකය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරයි.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකාවේ යුද ගැටුම්වල අවසාන අදියරේදී ජනසංහාරයක් සිදුවූ බවට වන චෝදනා කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර අධිකාරියකින් සනාථ කර නොමැති බවත්, එය පදනම් විරහිත සහ අසත්‍ය ආඛ්‍යානයක් බවයි.

නිවේදනයේ දැක්වෙන්නේ මෙම චෝදනා මැතිවරණ වාසි සඳහා කැනඩාව තුළ ප්‍රචාරය කරන බවට විශ්වාස කරන බවත්, කැනඩාවේ රජයද 2021දී ශ්‍රී ලංකාවේ ජනසංහාරයක් සිදු වූ බව තහවුරු කර නැති බවත්ය.

කැනඩාව 2006 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර ඇති අතර, 2024දීද එය නැවත තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා රජය පෙන්වා දෙන්නේ, අසත්‍ය මත පදනම් වූ මෙවැනි ස්මාරක ඉදිකිරීම් ශ්‍රී ලාංකික හා කැනේඩියානු ජනතාව අතර මිත්‍රත්වය හානි කරමින්, ජාතික සමගිය, සංහිඳියාව හා සාමය සඳහා ගන්නා උත්සාහයන්ට බාධා විය හැකි බවයි.

අවසන් වශයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය නැවතත් අවධාරණය කර ඇති අතර, මෙම ක්‍රියා මගින් රජයේ සාම උත්සාහ හෑල්ලුවට පත් විය හැකි බව ද නිවේදනය පවසයි.

Gallery
ReeCha