මෙවර ජනාධිපතිවරණයේ අලුත් මුහුණු අතරට දෙමළ පොදු අපේක්ෂකයා නම් කිරීම අද..

Ilankai Tamil Arasu Kachchi Sri Lanka C. V. Vigneswaran Sri Lanka Presidential Election 2024
By Piyumika Aug 08, 2024 04:51 AM GMT
Piyumika

Piyumika

Report

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද (08) නම් කිරීමට නියමිතය. පෙරවරුවේ මෙම නම් කිරීම සිදුවන්නේ යාපනයේ දී බවයි වාර්තා වන්නේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියද‍ා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියේය .

සැරයන්වරයාගේ තුවක්කුව උදුරාගැනීමට කල උත්සහය වැරදී අයෙක් මරුට..

සැරයන්වරයාගේ තුවක්කුව උදුරාගැනීමට කල උත්සහය වැරදී අයෙක් මරුට..

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා මෙලෙස දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී ඇති අතර, ඉන් වැඩි පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ පී. අරියනේන්ද්‍රන් වෙත බවයි වාර්තා වනුයේ .

කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල මතයක් ප්‍රකාශ කර නොමැති අතර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ගේ තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

දරුවන් සුවබර නින්දක් ලබනවා දැයි දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි..

දරුවන් සුවබර නින්දක් ලබනවා දැයි දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි..

මේ අතර, ඡන්ද දායකයින් මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කළා.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 22 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ .

ReeCha