ලොවක් ආදරය කරන ඉන්දීය නළුවෙකු රූගත කිරීම් අතරතුර අනතුරකට ලක්වේ

Report

ශිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ' කන්ගුවා' චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර දමිළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පියෙකු වන සුර්යා පාලනය කරගත නොහැකි වූ rope camera කැමරාවක් ඔහු මතට වැටීමෙන් ඔහුගේ උරහිසට තුවාල සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමත් සමඟ එහි රූගත කිරීම් තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ලොවක් ආදරය කරන ඉන්දීය නළුවෙකු රූගත කිරීම් අතරතුර අනතුරකට ලක්වේ | Tamil Actor Soorya Accident

මේ අතර, අනතුරින් පසු සුර්යා සිය X (Twitter) අඩවියේ මෙසේ සටහනක් තබා තිබේ

" මගේ හිතවත් මිතුරු මිතුරියන්ට, සුභ පතන්නන්ට සහ හිතවත් රසික රසිකාවියන්ට, මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන සියලුම පණිවිඩ වලට මම අවංකවම ස්තූතිවන්ත වෙමි. මට දැන් සනීපයක් දැනෙනවා .... ඔබේ ආදරයට මම ඔබට සැම විටම ණය ගැතියි."

මේ අතර ' කන්ගුවා' චිත්‍රපටය භාෂා 10කින් නිකුත් කිරීමට නියමිත බව චිත්‍රපට කණ්ඩායම නිවේදනය කර තිබේ.

ලොවක් ආදරය කරන ඉන්දීය නළුවෙකු රූගත කිරීම් අතරතුර අනතුරකට ලක්වේ | Tamil Actor Soorya Accident