T56 ගිනිඅවියක් සමග කාර් රථය දමා පලාගිය සැකකරු මසකට පසු කොටුවෙයි
රාගම පොලිස් වසමේදී ඉකුත් දෙසැම්බර් 23 වැනිදා T56 ගිනිඅවියක් සමග කාර් රථයක් දමා පලා යාමට සම්බන්ධ සැකකරුවෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකට පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ය.
ප්රධාන සැකකරු වත්තල ඔලියමුල්ල ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 20 සහ මිලිග්රෑම් 520 සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ආධාරක සැකකරු මීගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 52 සහ 54 අතර වන අතර, මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වෙති. ඔවුන් අද (24) වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.