ශ්‍රී ලංකාවේ අවසන් ඉරණම තීරණය කරන්නෙ අදයි..මුලු රටම අවධානයෙන්..
By Aruna
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වෙනවා.
අද දිනයේ පළමු තරගය ලෙස අයර්ලන්තය හා නවසීලන්ත තරගය මෙරට වේලාවෙන් උදෑසන 9:30 ට ආරම්භවීමට නියමිත ඇත.
ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථාන තරගය මෙරට වේලාවෙන් දහවල් 1:30 ට ආරම්භවීමට නියමිතයි.
අද පැවැත්වෙන මෙම තරග දෙකින් එකක් හෝ ශ්‍රී ලංකාවට වාසි සහගත නිමාවක් දැකීම මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වී තිබෙනවා.
ඒ අනුව අද පැවැත් වෙන තරග දෙකෙන් ඇෆ්ගනිස්ථානය හෝ නෙදර්ලන්තය ජයගත හොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.
නමුත් ඒ සඳහා හෙට ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහි තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |