ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් නිසා රට පුරා විදුලිය බිද වැටේ!
By Shehan
සිරියාවේ ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් නිසා රට පුරා විදුලි සැපයුම ඇනහිට ඇත.
එරට බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මෙම තත්ත්වය ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බවයි.
මෙම විදුලි බිඳවැටීම යම් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳව නිශ්චිත වාර්තා නොමැති වුවත්, ඒ සම්බන්ධයෙන් සිරියානු බලධාරීන් අවධානයෙන් පසුවන බව ප්‍රකාශ කළේය.
සිරියාව මේ වන විට විදුලිබල සැපයුම සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති අතර, බොහෝ ප්‍රදේශවලට දිනකට පැය දෙකක් හෝ තුනක් පමණක් විදුලිය ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.