භූ කම්පනයෙන් බැට කෑ සිරියාවට නැවත වූ ඉරණම.

By krishani Feb 19, 2023 07:25 AM GMT
Report

සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අද (19) අලුයම ය.එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැත.

පසුගිය 6 වනදා 46,000කට අධික පිරිසකට මරු කැඳවමින් සිරියාවට සහ තුර්කියට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පසු එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වේ.

ඩැමස්කස් නගරයට අවසන් වරට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ ජනවරි 2 වන දා වේ.එහි දී ද සිරියානු භට පිරිසක් මිය ගියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join