ලිංගික සංසර්ගයේ යෙදීමේ නව ක්‍රීඩාවක් එයි.. ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ලියාපදිචි වෙයි..

National Sports Day Sport Fishing World
By Sithumi Jun 04, 2023 03:15 PM GMT
Sithumi

Sithumi

Report

සංස්කෘතික සම්භවයක් සහිත වපසරියක් තුළ කථා නොකරන මාතෘකාවක් ලෙස ලිංගික සංසර්ගය හැඳින්විය හැකි බව අවිවාදිතව පිළිගතයුතු කරුණක් වනවා.

බටහිර සම්භවයක් සහිත රටවලට මෙම මාතෘකාව සැහැල්ලු වූ තේමාවක් වෙද්දී ස්වීඩනය ලිංගික සංසර්ගය ක්‍රීඩාවක් බවට පත් කිරීමට සූදානම් වන පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ලිංගිකත්වය බොහෝ දෙනා රහසිගතව පවත්වා ගන්නා කරුණක් වුවත් මෙම තරඟාවලිය ඔස්සේ එය සැමට විවෘත වන සේ පළමු යුරෝපීය සෙක්ස් තරගාවලිය ලෙස ජුනි මස 8 වැනිදා ස්වීඩනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් කොට තිබෙනවා.

ස්වීඩන් සෙක්ස් පදනම විසින් මෙහෙයවනු ලබන ඒහි තරග ඉසව් අතර ලිංගික තරග දවසේ පැය හයක කාලයක් පුරාත්, එක් තරගයක් මිනිත්තු හතළිස්පහක කාලයකින් යුක්තවන බව වාරතා වනවා. විවිධ රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිදෙනෙකු මේ වන විට මීට සහභාගී වීමට කැමැත්ත පළකර ඇති අතර, ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ තිදෙනෙකුගෙන් යුත් ජූරියකින් වීම විශේෂයත්වයක්.

සෑම තරග ඉසව්වකම, ලකුණු 5 -10 ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි අතර, සෑම තරගකරුවෙක්ම ඉසව් 16කට පෙනී සිටිය යුතු බවයි සඳහන් වන අතර මෞඛ ලිංගනය, සුරතාන්ත ප්‍රමාණය, සුරතල් ක්‍රම, ඒරෝටික කලාප, රමණීය රමණ ඉරියව්, සංසර්ග ඉරියව්, පවිත්‍රතාව හා මනා විනයානුකූල ක්‍රීඩාවේ යෙදීම් ආදිය මෙම තරඟයේ දී සැලකිල්ලට භාජන වන අතර ඕනෑම ලිංගික දිශානතියකින් යුත් අයෙක්ට මේ සඳහා සහභාගී විය හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.