ප්‍රභල පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථය අනතුරට ලක්වෙයි..

Report

පාපන්දු ලෝක කුසලානයේ තවත් සුපිරි තරගයක් මේ වනවිට ස්විස්ටර්ලන්තය සහ බ්‍රසීල කණ්ඩායම අතර පැවැත්වෙන අතර තරගය ආරම්භයට පෙර ස්විස්ටර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඒ ස්විස්ටර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් රැගත් බස් රථය අනතුරට ලක්වීම හේතුවෙන්.

එහිදී ඔවුන් ගමන්ගත් බස් රථය, පොලිස් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර කෙසේ වෙතත් අනතුරින් ක්‍රීඩකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර නියමිත වේලාවට ක්‍රීඩකයින් තරගයට එක්වීම සඳහා ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කර ඇත්තේ.