විමල්, ගම්මන්පිල, වාසු ප්‍රමුඛ ස්වාධීන පක්ෂ එකමුතුවෙන් විශේෂ නිවේදනයක්..!

Report

අගමැතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාරදෙන ලෙසට ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලීමක් කරනවා.

පසුගිය 9 වනදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිවරයා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුල ව්‍යාකූල තත්ත්වයක් පැන නැගී ඇති අතර එම තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බවට නිරීක්ෂණය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අරගලකරුවන් විසින් අගමැති කාර්යාලය ද අත්පත් කරගෙන ඇති බවයි ස්වාධීන පක්ෂ එකමතුව යොමු කළ ලිපියේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery